(මොහොමඩ් ආසික්)
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන ස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස් දෙනකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව උපාය දූතයකු යොදා මෙම සැකකාර කාන්තාවන් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
කටුගස්තොට නගරයට ආසන්න ස්ථානයක පවත්වාගෙන ගොස් ඇති මෙම සම්බාහන මධ්‍යස්ථානයේ හිමි කාරිය ද මෙලෙස අත් අඩංගුවට ගත් සැකකාරියන් පස් දෙනා අතර සිටින බව පොලීසිය කියයි.