සමහර ඖෂධ හිඟයි: ඇමති නලින්ද පිළිගනී




(සුජිත් හේවාජුලිගේ)

රටේ ඇතැම් ඖෂධ වල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා ප්‍රාදේශීය මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් කෝටි  3500ක මුදලක් වෙන් කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඖෂධ හිඟයක් ඇතිවී ඇත්තේ ගිය අවුරුද්දේ ටෙන්ඩර් නොකිරීම නිසා බවත් ලබන වසර සඳහා ටෙන්ඩර් කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු කීය.

රටවල් සමඟ සාකච්ඡා කර ඖෂධ පරිත්‍යාග ලෙස ලබා ගැනීමටද කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මේ ප්‍රශ්නයට මුහුණ දීමට රජයට  හැකියාව තිබෙන බවද සඳහන් කළේය.