
(යොහාන් භාසුර)
සමස්ත ලංකා හෙද සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය අමා්‍යංශය ඉදිරිපිට අද (14) උද්ඝෝෂණයක් පැවැත්වීය.
නිදිවර්ජිත, ප්‍රවාහන හා අනතුරු දීමනා වාහා ලබාදෙනු සහ සොච්චම් නිල ඇඳුම් දීමනාව වැඩි කරනු යන ඉල්ලීම් මෙහිදී ප්‍රධාන විය.
එම විරෝධතාවයට රටපුරා රෝහල්වලින් හෙද නිලධාරීන් පැමිණ සිටි අතර ඔවුහූ දැනට රෝහල්වල ක්‍රියාත්මක වන වැඩවර්ජනයෙන් ඉවත්ව සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



