සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාදස්ථානය වැඩමවයි


(ලසන්ත නිරෝෂණ සහ අජිත්ලාල් ශාන්තඋදය)

ශ්‍රි පාද වන්දනාවාරය ආරම්භ කරමින් සමන් දේව ප්‍රතිමා ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවීමේ පෙරහෙර අද උදැසන පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද රාජමහා විහාරස්ථානයේ සිට ගමන් ආරම්භ කළහ.

සිරිපා ගමන් මාර්ග හතරක් ඔස්සේ එම පෙරහර සිදු කෙරුණි .පැල්මඩුල්ල සන්නස්ගම ප්‍රදේශයේදි විශේෂ දේව රථයේ තැන්පත් කර තිබු සමන් දේව ප්‍රතිමාවට බැතිමතුන් පුජෝපහාරය මධ්‍යයේ ගමන් ආරම්භ කළේය.