(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් ධූරයට කේ.ජී. හර්ෂ විජේවර්ධන මහතා පත්කරනු ලැබ සිටී.
හර්ෂ විජේවර්ධන මහතා අග්‍රාමාත්‍යකාර්යාලයේ අතිරේක ලේකම්වරයකු ලෙසද, කටයුතු කරන අතර ඔහු සභානායක ලේකම් ධූරයට පත්කර ඇත්තේ එම තනතුරට අමතරවය.
සභානායක ලේකම් ලෙස කටයුතු කළ සුමිත් විජේසිංහ මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බැවින් සභානායක ලේකම් ධූරය පුරප්පාඩු විය.
හර්ෂ විජේවර්ධන මහතා මීට පෙර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ලේකම් ලෙස කටයුතු කළේය.
මේ අතර ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ලේකම් ලෙස චමින්ද කුරත්න මහතා පත්කරනු ලැබ සිටී.
චමින්ද කුලරත්න මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩබලන අතිරේක ලේකම්වරයකු ලෙසද පත්කරනු ලැබ ඇත.

