(කාංචන ආරියදාස සහ අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් ලබන සඳුදා (16 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14 වැනිදා) රාත්‍රියේදී එ් බව පැවසීය.
මෙම නිවාඩුව පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ට මෙන්ම බැංකු සේවකයන්ටද ලැබෙන බවත් ඇමතිවරයා පැවසීය.
කොරෝනා වයිරසය (කෝවිඩ් - 19) පාලනය කිරීම සඳහා වැඩිදුර පියවර අවශ්‍ය වන්නේ නම් හෙට (ඉරිදා) හෝ අනිද්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඒ සඳහා පියවර ගන්නා බවද ස්වදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
“කොරෝනා වයිරසය පැතිරීම වැලැක්වීමට රාජ්‍ය ආයතන සූදානම් කිරීම සඳහා තමයි අපි මේ නිවාඩුව දෙන්නේ. මේ නිවාඩුව විනෝද සවාරි යන්න එහෙම නෙමේ...“
“මේ වෙලාවේ කවුරු කවුරුත් වගකීමෙන් වැඩ කරන්න ඕනා“ යයිද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

