( +++ හසිත රංග ගුණතිලක)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගතවී මහ මැතිවරණයට ඉදිරිපත් වුව ද පක්‍ෂ දෙකෙන්ම සම නායකයන් පත්නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බත්තරමුල්ලේදී ඊයේ (3) පැවැසීය.
සම නායකත්වයකට පොදු ජන පෙරමුණ එකඟ නොවන බවත් රටම පිළිගන්නා සන්ධානයේ නායකයා මහින්ද රාජක්‍ෂ අග්‍රාමාත්‍යවරයා බවත් බත්තරමුල්ල පිහිටි පොදු ජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පොදු ජන පෙරමුණ දැනටමත් සන්ධානගත වී ඇති බවත් රටට ආදරය කරන සියලුම බලවේග පුළුල් සන්ධානයට එකතු කරගන්නා බවත් ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවැසීය.

