(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු සභාගර්භයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමා කනගාටු වන බව ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.
එය සිදු නොවිය යුතු සිද්ධියක් බව තමා විශ්වාස කරන්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වීඩියෝගත කිරීම නතර කරන්නැයි කතානායකවරයා කිහිප වරක්ම දැනුම් දුන්නද විපක්ෂයේ මන්ත්‍රීවරයා ඊට අනුගත නොවීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වූ බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා එම සිද්ධියෙන් පසුව විපක්ෂ නායකවරයා තමා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට තර්ජන කළ බවද පෙන්වා දෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා තමා වෙත පමණක් වරද පටවා දඬුවම් කිරීම තමාගේ වරප්‍රසාද උල්ලංඝනයවීමක් බවත් විපක්ෂ නායකවරයා සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද උල්ලංඝනය කර ඇති හෙයින් එම දෙදෙනා සම්බන්ධයෙන්ද සුදුසු දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටින බවත් සනත් නිශාන්ත මහතා එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

