(මුදිතා දයානන්ද)
මත්පැන් මිල වැඩිකිරිමට ගෙනා අය වැය යෝජනා පරිදි සතොස සතු මත්පැන් තොගවල මිල වැඩි නොකිරිම නිසා සතොසට ලැබිය යුතුව තිබූ මිලියන පනහක පමණ අමතර ලාභයක් අහිමිව ඇතැයි සතොස සේවකයෝ පවසති.
මෙවර අය වැයෙන් මත්පැන් වල මිල ගණන් වැඩිකිරිමට යෝජනා වු අතර ඊට අනුගත වෙමින් තැබෑරුම් හා වෙනත් අලෙවිසැල් මත්පැන් මිල ඉහළ නංවනු ලැබිණ.
සතොස යටතේ පවතින මත්පැන් අලෙවි සැල් හා ගබඩා සතු මත්පැන් බෝතල්වල මිල ගණන් අය වැයෙහි පරිදි වැඩි නොකිරිම නිසා තැබෑරුම්කරුවන් හා වෙනත් අලෙවි සැල් සතොස සතු මත්පැන් තොග වශයෙන් අඩු මිලට මිලදි ගෙන වැඩි මිලට අලෙවි කරනු ලැබු බවද ඔවුහු පවසති.
මෙලෙස මිල වැඩි නොකර සිටීමෙන් එකවර සතොස සතු මත්පැන් තොග අවසන් වූ අතර නැවත මත්පැන් තොග එකවර මිලදී ගැනීමට සිදුව ඇතැයිද සේවකයෝ පවසති. මෙලෙස එකවර මත්පැන් තොග මිලදි ගැනීමේදි සමාගම් වෙතින් කොමිස් ගැනීමේ හැකියාවක් පවතින බවද මෙම ක්‍රියාවලිය පිටුපස තිබෙන්නේ එම උවමනාව බවද සතොස සේවකයෝ පවසති.
මෙලෙස සතොසට ලාභ ලැබිය හැකි අවස්ථා මගහැර යාමෙන් සතොස පාඩු ලබන ආයතනයක් බවට පෙන්වා වසා දැමිමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැකයක් පවතින බවද ඔවුහු පවසති.

