(මුදිතා දයානන්ද)
අයවැයෙන් වැඩි කළ මිල ගණන් යටතේ සතොස රටබීම අලෙවි නොකරීම නිසා සාතොසට ලැබිය යුතු කෝටි පහක පමණ ලාභයක් අහිමි වී ඇතැයි සතොස සේවකයෝ පවසති.
අය වැයෙන් මත්පැන් මිල ගණන් වැඩිකිරිමේ යෝජනාවට අනුගත වෙමින් රටබීම අලෙවිසල් එහි මිල ගණන් ඉහළ දැමුවත් සතොස යටතේ පවතින රටබීම අලෙවිසල් රටබීම මිල ගණන් වැඩිකර නොමැත. එම නිසා ඇතැම් රටබීම අලෙවිහල්වල පිරිස් සතොසෙන් රටබීම තොග වශයෙන් අඩු මිලට මිලදි ගෙන වැඩි මිලට අලෙවි කරනු ලැබු බවද ඔවුහු පවසති.
මෙලෙස මිල වැඩි නොකර සිටීමෙන් එකවර සතොස සතු මත්පැන් තොග අවසන් වූ අතර නැවත මත්පැන් තොග එකවර මිලදී ගැනීමට සිදුව ඇතැයිද සේවකයෝ පවසති.
මෙලෙස එකවර මත්පැන් තොග මිලදි ගැනීමේදි සමාගම් වෙතින් කොමිස් ගැනීමේ හැකියාවක් පවතින බවද මෙම ක්‍රියාවලිය පිටුපස තිබෙන්නේ එම උවමනාව බවද සතොස සේවකයෝ පවසති.

