සතොස භාණ්ඩ රැසක මිල අඩු කරයි


(ඩයනා උදයංගනී)
සතොස අලෙවිසැල් මගින් අලෙවි කරන රතු ළුෑණු, රතු කැකුළු සහ දේශීය අල ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක මිල පහත හෙළා ඇතැයි වෙළඳ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දැනට වෙළෙඳපොලේ රුපියල් 300කට අලෙවි කරන රතු ලූණු කිලෝවක් රුපියල් 195 කටත්, දේශීය අල කිලෝවක් රුපියල් 150 කට හා දැනට රුපියල් 93 කට අලෙවි වන රතු කැකුළු කිලෝ ග්‍රෑමයක් රුපියල් 89 කටත් අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුව හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉකුත් පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වූ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 27ක මිළ අඩු කිරීමේ ව්‍යාපෘතිය ද ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදීද පාරිභෝගික ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙස වෙළෙඳ අමාත්‍යවරයා සතොස ආයතනය වෙත උපදෙස් දී ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.