සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්


සතොස සේවකයන් දේශපාලන වැඩට යෙදවීයැයි කියන චෝදනාවලින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු  නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල මහතා නියෝග කළේය.

අධිචෝදනා පවත්වාගෙන යාමේ හැකියාව නැතැයි විත්ති නීතිඥවරුන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් විත්තිකරුවන් තිදෙනකු මෙම නඩුවෙන් නිදහස් කිරීමට නියෝග  කර තිබේ.