(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ කුකුල් කටුව ආසන්නයේ වන සතුන් ඉලක්ක කරමින් බදින කදන් ඇටවු හිටපු හමුදා නිළධාරීයකු කුකුල්කටුව වනජීවි නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙනතිබේ.
මෙලෙස අත් අඩංගුව ගෙන ඇත්තේ විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පිහිටි කුකුල්කටුව ප්‍රදේශයෙ පදිංචි යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය සැරයන්වරයෙකු බව කියයි.
විල්පත්තුව කුකුල්කටුව බිට්ටු වනජීවි නිළධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව අදාල සැකකරු සොයා සිදුකළ වැටලීමකදි වන සතුන් ඉලක්ක කර ගනිමින් බදින කදන් අටවමින් සිටියදි මෙලෙස අත් අඩංගුවට ගැනිමට හැකිව ඇති බව කියයි.
මේ දිනවල පවතින වියළි කාලගුණය හමුවේ ජලය සොයා විල්පත්තුව ජාතික වන උද්‍යානයෙන් විවිධ ප්‍රදේශ වලට සැරි සරණ වන සතුන් ඉලක්ක කර ගනිමින් මෙම සැකකරු විසින් දිගින් දිගටම කදන් අටවමින් සිටි බවට ලැබුන තොරතුර මත අදාල වැටලීම කර තිබු බව කියයි.

