(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සැපයිම නැවත හෙට (31) පස්වරුවේ ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (30) පස්වරුවේ පැවසීය.
කිලෝ 12.5, කිලෝ 5 සහ කිලෝ 2.3 ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට පස්වරුවේ සිට නිකුත් කිරීමට නියමිත බවත් ගෑස් ලැබෙන අළෙවිනියෝජිතයන්ගේ ලැයිස්තුව අඅඅගකසඑරදට්ිගජදප වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් කේතේෂ්වරම් මහතා වැඩි දුරටත් කීය.