(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා වන නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, ඉස්මයිල් මුත්තු මොහොමඩ් යන මහත්වරුන්ගේ නම් ඒ සඳහා නම් කළ යැවූ බවද මහලේකම්වරයා සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයෙන් සමග ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර පහක් හිමි වූ අතර සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මෙයට පෙර ඒ සඳහා නම් කර තිබිණ.