සජබ කාර්යාලයට එල්ල කළ ප්‍රහාරය ගෝත්‍රික ක්‍රියාවක්


(ඩයනා උදයංගනී)

සමඟි ජන බලවේගය පක්‍ෂ කාර්යාලයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය ශිෂ්ටසම්පන්න සමාජයකට නොගැළපෙන ගෝත්‍රික ක්‍රියාවක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ස්ථානයකට ගොස් උද්ඝෝෂණය කිරීමේ අයිතියක් ඇති නමුත් පහරදීමක් කළේ නම් කිසිවිටෙකත් එය අනුමත කළ නොහැකි බව ඇමතිවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් සිදුවනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.