
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පත්මා කුමාරි කංකානම්ගේ)
කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත් කඩේ අංක පහ අධිකරණ ශාලාව තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමර රත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකාර කාන්තාව හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
අංක 243/01 මීගමුව පාර ජයමාවත , කටු වැල්ලේ ගමපදිංචි පිං පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමැති 25 හැවිරිදි එම කාන්තාවගේ ජාතික හැඳුනුම්පත් අංකය 995892480v බව පොලිසිය කියයි.
සැකකාරිය පිළිබඳ සාර්ථක තොරතුරක් ලබා දෙන අයකුට පොලිස් ත්‍යාග මුදලින් තෑග්ගයක් පිරිනැමීමට වැඩ බලන පොලිස්පති. ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත. එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමටද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇතැයි ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ගේ 0718591727 හෝ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති 0718591735 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දන්වා සිටී

