( බිමල් ශ්‍යාමන් සහ හිරාන් ප්‍රියංකර )
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩින් 34 නමැත්තෙකි.
ඔහු යුද්ධ හමුදාවේ හිටපු ලුතිනන් වරයෙකි. ඉකුත් කාලය පුරා සීදූව සහ ගල්කිස්ස පොලිස් වසම් වල ඝාතන හතක් සිදු කළ පුද්ගලයකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි
සුඛෝ භෝගී වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත