(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනයට අදාළව මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරියා මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත අපරාධ අංශයේ උසාවි රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි.
වයස අවුරුදු විසිපහක් වන ඔහු පාදෙණිනය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසියය කියයි.
සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයන ඉෂාරා සිව්වන්දි වීරසිංහ නමැත්තිය සමග දුරකථනය ඔස්සේ මෙම සැකකාර කොස්තාපල්වරයා කතාබහක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් වෙත කරුණු අනාවරණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.