(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කටුනායක ගුවන්තොටුපොළේ මගින් පැමිණීමේ පර්යන්තය අසල ගැවසෙමින් විදේශීය විදේශිය සංචාරකයින්ට අපහසු තාවයක් හා කරදරයක් වන ආකාරයට නීති විරෝධී ලෙස ප්‍රවාහන සේවා සැපයීමේ තැරව්කරුවන් ලෙස කටයුතු කරමින් සිටියේ යැයි කියන පුද්ගලයින් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
නිසි බලධාරියෙකු ගේ අවසරයක් නොගෙන මෙම සැකකරුවන් සිව්දෙනා මෙම කාර්යයේ නිරතව සිට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා කිඹුලාපිටිය, කටුනායකසහ මිනුවන්ගොඩයන ප්‍රදේශවල පදිංචි 53, 46, 39 සහ 35යන වයස් වයස්වල පසුවන්නන් වෙති.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සිව්දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන්තොටුපල පොලිසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන බළකායේ අණදෙන නිලධාරි බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මතඑම බළකායේ බුද්ධි සහ විශේෂ මෙහෙයුම් භාර භාර සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් පරීක්ෂක ආර් ඒ ඩීඒ රණසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත

