
(නිමල කොඩිතුවක්කු)
කටුනායක ගුවන්තොටුපලෙන් ගෙඩබසින් සංචාරකයින්ගෙන් විවිධ පැමිණිලි හා මැසිවිලි දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ඔවුන්ට හිරිහැර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත් වරාය නාවික හා ගුවන්සේවා අමාත්යන නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළමදී අද (28) පැවසීය.
ගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් හා තැරව්කරුවන්ගෙන් සංචාරකයින් විවිධ අක්‍රමිකතාවයන් සහ හිරිහැර වලට ලක්වන බවට පැමිණිලි ලැබී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ලොව බොහෝ ගුවන්තොටුපලවල තිබෙන අචාරශීලි බව හා සුහද බව කටුනායක ගුවන්තොටුපලේ නැති බවත් ගුවන්තොටුපල බලධාරීන් සමඟ අද (28) පැවති සාකච්චාවකදී ඔහු පැවසීය.
සංචාරක සමය එලඹීමත් සමඟ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයාට සහ නිලධාරීන්ට එහිදී නියෝග කලේය.
මෙවැනි අක්‍රමිකතාවන් වල යෙදී හසුවන අයට දැනට පනවා ඇති රුපියල් 25,000 දඩය රුපියල් 100 000 දක්වා වැඩි කිරීමටත් එහිදී තීරණය කෙරිණ.
එමෙන්ම මෙවැනි ක්‍රියාවන්හි නියැලෙන්නන් හසුකර ගැනීමට සිවිල් ආරාක්ෂරක කණ්ඩායමක් යෙදවීමටත්, සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පුළුල් කිරීමටත් උපදෙස් දුන් අමාත්‍යවරයා මෙම පැමිණිලි භාරගැනීමට සහ ක්ෂ්නිකව ක්‍රියාත්මක වීමට විශේෂිත කවුළුවක් ස්ථාපිත කිරීමටද උපදෙස් දුන්නේය.

