(යොහාන් භාසුර)
කටුනායක ගුවන්තොටුපලේදී සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව දැනට පනවන රුපියල් 25,000 ක රුපියල් දඩය ලක්‍ෂයක් දක්වා ඉහළ දැමීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පියවර ගෙන තිබේ.
එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා සිවිල් ආරක්‍ෂක කණ්ඩායම් යෙදවීම, එවැනි අක්‍රමිකතා පිළිබඳ පැමිණිළි භාරගෙන ක්‍ෂණිකව ක්‍රියාත්මක වීමේ කවුළුවක් ඇති කිරීමට ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.ෙගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් සහ තැරැව්කරුවන් විවිධ වැඩි වශයෙන් අක්‍රමිකතාවල නිරතවන්නේ යැයි නිරන්තරයෙන් ලැබෙන පැමිණිළි පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණ ගෙන තිබේ.

