සංචාරක මඟ පෙන්වන්නා දුරකතන උස්සලා


(කේ. බුද්ධික කුමාරසිරි)

කොළඹ ප්‍රධානතම හෝටලයක සංචාරක මග පෙන්වන්නකු ලෙස සේවය කරමින් සිට ජංගම දුරකතන සොරකමේ යෙදුණු පුද්ගලයකු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ජංගම දුරකතන  සමගින් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

සැකකරු  හෝමාගම මීගොඩ අතුරුගිරිය සහ නුගේගොඩ ප්‍රදේශවල  ජංගම දුරකතන වෙළදසල් සහ මහා මාර්ගය අසල නවතා තිබෙන රථ වාහනවල තිබෙන වටිනාකමෙන් ඉහල ජංගම දුරකතන මෙලෙස සොරකම් කර ඇති බවද පොලිසිය පවසයි.

සොරාගත් ජංගම දුරකතන ප්‍රමාණය පිළිබදව එම සැකකරු ද අමතක වී ඇතැයි ද එලෙස සොරාගත් ජංගම දුරකතන විකුණා සැකකරු විසින් මත්පැන් පානය කර ඇති බවත් දැඩිලෙස මත්පැන් පානයට ඇබ්බැහි ව ඇති පුද්ගලයකු බවත් පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ නාවලමුල්ල හොරගස්හේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 53 හැවිරිදි සංචාරක මග පෙන්වන්නකු ලෙස කටයුතු ක පුද්ගලයෙකි.