ස.තො.ස සුදු ලූනු සිද්ධියේ ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ) 

ලංකා සතොස ආයතනයට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන්නේ බව කියන ව්‍යාපාරිකයකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත්  හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ  සාපරාධී විශ්වාසය කඩ කිරීම, තොරතුරු සැඟවීම සහ නීති විරෝධී ලෙස භාණ්ඩ නිදහස් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඉකුත් 24 දිනයේදීය.

සුදුළූණු සිද්ධියක් සම්බන්ධයෙන් මීට ඉහතදී ද පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් ලංකා සතොස මුල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.