
(යොහාන් භාසුර)
ත්‍රීරෝද රථවලට වැඩි මිලට ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් ගැනීමට සිදුවීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පිරවුම්හල් සංවිධානාත්මකව වැඩි මිලට පෙට්‍රල් අළෙවිය ක්‍රියාත්මක කරන බවත් රැකියාව ලෙස මගී ප්‍රවාහනයේ නිරතව සිටින ත්‍රීරෝද රථ හිමියෝ පවසති.
ඉන්ධන පිරවුම්හල් සේවයන්ට වැඩිපුර දෙන පෙට්‍රල් ලීටරයකට රුපියල් 50 ක මුදල් ලබාදිය යුතු බව කියන ත්‍රිරෝද රථ හිමියෝ මරදාන, බොරැල්ල, කොම්පඤ්ඤවීදිය, නුගේගොඩ සහ මහරගම ඇතුළු කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශවල පිරවුම්හල්වලින් රුපියල් 500 ක පමණ මුදලක් දුන්විට එකවර රුපියල් 3,000 ක පෙට්‍රල් ගතහැකි බව ද සදඟන් කරති.
ස්වයං රැකියාවේ නිරත වන ත්‍රීරෝද රථවලට පෙට්‍රල් ලීටර 10 ක් දෙන්නේ යැයි පැවවුව ද බොහෝ දෙනෙක්ට සතියකට ලීටර 5 ක් පමණක් ලැබෙන බවත් ලීටර 10 ක් ලැබෙන ත්‍රීරෝදවලට ද එය ප්‍රමාණවත් නොවන බවත් ත්‍රීරෝද රථ හිමියෝ කියති.
ඉන්ධන පිරවුම්හල් කරන මෙම නීති විරෝධී වැඩි මිලට ඉන්ධන අළෙවි පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර මගී ප්‍රවාහන කරන ත්‍රීරෝද රථවල ඉන්ධන පංගුව ඉහළ දැමීමට කටයුතු කළ බවත් ත්‍රීරෝද රථ හිමියෝ වැඩි දුරටත් පවසති.

