ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට


(රංජන් කස්තුරි)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත ඇගයීමේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළකර තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසුව වෙනස්කම් සිදුව ඇත්නම් පමණක් ඒවා එම වෙබ් අඩවියේ පළකර තිබෙන අතර වෙනස්කමක් සිදුව නොමැති ප්‍රතිඵල වෙබ් අඩවියේ පළකර නැතැයිද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට ඉල්ලුම්කර ඇති සියලු අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙත තැපෑලෙන් යවා තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.