
(රංජන් කස්තුරි)
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා ඊට අදාල වෙනත් වැඩසටහන් පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් බව විභාග දෙපාර්තුමේන්තුව කියයි.
එම කාලයෙන් පසුව උපකාරක පන්ති ආදිය පැවැත්වුවහොත් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ 0112421111 සහ 1911 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.
ශිෂ්‍යත්ව විභාගය - 2025 මෙම මස 10 වැනි දින පෙරවරු 9.30ට ආරම්භ කෙරේ.

