ශිෂ්‍ය හිමිවරු - කතෝලික සිසුවෝ ජනපති කාර්යාලයට


(අංජුල මහික වීරරත්න)

ත්‍රිකුණාමලය රතනජෝති විද්‍යාතන පිරිවෙන් හිමිවරුන්ට, නාකියාදෙණිය ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට  අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි.