
(සුජිත් හේවාජුලිගේ )
පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා පොලී රහිත ණය ලබාදීමේ රජයේ වැඩපිළිවෙල සඳහා අයදුම්පත් බාර ගැනීම අද( 4) සිට ආරම්භ කෙරේ.
මේ අනුව ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට 2019, 2020 සහ 2021 වර්ෂ වල උසස් පෙළ පෙළට පෙනී සිටි දරුවන්ට අද සිට අවස්ථාව උදාවනු ඇත.
පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රජයේ පොලී රහිත ණය ලබා ගැනීමේ අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

