
(ගම්පහ අධිකරණ ටෝනි කරුණානායක)
හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු තිදෙනා මැයි පස් වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (21) නියම කළේ ය.
මෙ ලෙස තවදුරටත් රිමාන්ඩ් ගත කළ සෙසු පිරිස වූයේ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අය වෙති .
මෙම නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සම්බන්ධයෙන් අධිකරණයේදී කිසිවක් සඳහන් නො වූ අතර කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි .
සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කර සැකකරුවන් තිදෙනා ලබන පස් වැනිදාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් බන්ධනාගාර නිලධාරීනට වැඩිදුරටත් නියම කෙරුණි.

