අංජුල මහික වීරරත්න
නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට (19) දිව්රුම් දීමට හැකිවෙතියි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අමාත්‍ය දිව්රුම් දීම අද (18) සිදු කිරිමට කලින් සැලසුම් කර තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රජයට එක්වීමට නියමිත මන්ත්‍රී සංයුතිය දෙස බලා අමාත්‍ය මණ්ඩලය තීරණය කළ යුතුව ඇතැයි මහා ලේකම්වරයා සඳහන් කළේය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙක් නව රජයට සහය පළ කිරිමට පැමිණ සිටින අතර තවත් මන්ත්‍රීවරුන් රැසක් රජයට එක්වීම සඳහා සාකච්ඡෘ කරමින් සිටින බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
කෙසේ වෙතත් දුෂණ චෝදනා නැති අය පමණක් සම්බන්ධ කරගෙන අමාත්‍ය මණ්ඩලය සැකසීම පිළිබඳව පුර්ණ අවධානය යොමු වී තිබෙන බවද කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.