ශ්‍රීපාදයට ආලෝකය දෙන්න ගුවන් හමුදා මෙහෙයුම


(රංජිත් රාජපක්ෂ)

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්ඹලම සහ ඉදිකටු පහන ප්‍රදේශයට විදුලිය ලබා දීම සඳහා විදුලි ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක උපකරණ ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටරයෙන් රැගෙන යැමේ මෙහෙයුම අද නල්ලතන්නිය ක්‍රිඩාංගනයේදි ආරම්භ කෙරිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහනාගේ ඉල්ලිම පරිදි මෙම ද්‍රව්‍ය ගුවන් හමුදාව විසින් රැගෙන යන අතර, එය ගුවන් හමුදාපති එයාර්  මාර්ෂල් උදේනි රාජපක්ෂ මගතාගේ අධික්ෂණය යටතේ ගුවන් හමුදාවේ වින්කමාන්ඩ රසාංග විජේවර්ධන මහතාගේ මෙහෙයවිම යටතේ මෙම මෙහෙයුම දියත් කරනු ලබයි.

මෙම මෙහෙයුම සදහා ගුවන් හමුදාවේ නිලධාරින් සහ භට පිරිසක් සමග ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් ඇතුලු විශාල සේවක පිරිසක් සහ නල්ලතන්නි පොලිසියේ නිලධාරින් එක්ව මෙම මෙහෙයුමට සහයොගය දක්වයි.

ශ්‍රි පාදස්ථාධිපති බෙම්ගමුවේ ධමිමදින්න නා හිමියන්ගේ උපදෙස් පරිදි නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ සිත ගගුලේ සිට ශ්‍රි පාද උඩ මලුව දක්වා කිලෝමිටර් 5ක් දුරට වන්දනා කරුවන්ට සහ ශ්‍රි පාද උඩ මලුවට පෞද්ගලික අංශයක අනුග්‍රහය මත ලබා දිමට කටයුතු කර ඇති පානිය ජල යොජනා ක්‍රමයට අවශ්‍ය පොම්පාගාර ඉදිකිරිම සදහ අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමර් 4 ක්, ජල පොම්ප, යකඩ විදුලි කණු කිහිපයක්, විදලි රැහැන්, සිමෙන්ති, වැලි ඇතුලු ටොන් 25ක උපකරණ සහ ද්‍රව්‍ය එම්.අයි 17 හෙලිකොප්ටරය මගින් රැගෙන යැමට නියමිත අතර මෙම මෙහෙයුම (15) දින සිට දින කිහිපයක් සිදු කිරිමට නියමිතය.