(ෂේන් සෙනෙවිරත්න)
දෙදහස් පන්සිය වසරකටත් අධික මෙරට රජ වංශකතාවේ රජවරයකු භාවිතා කළ දැනට පවතින වහලය සහිත එකම රජ මාලිගය වශයෙන් සැලකෙන මහනුවර ඉපැරණි ලෝක උරුම රජමාලිගය අභිවර්ධනය කොට සංරක්ෂණය කර මහජනතාවට විවෘත කිරීම අමෙරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
ඇමරිකානු ඩොලර් 265,000 ක එක්සත් ජනපද තානාපති අරමුදල මගින් (රුපියල් මිලියන 77ක්) එම නවීකරණ කටයුතු සිදු කෙරුණි.
මෙම රජවාසල සෙංකඩගල රාජධානිය ආරම්භ වූ 1473 වසරේ සිට 1815 අවසන් රජු දක්වා රජවරුන් දොළොස් දෙනකු භාවිතා කොට ඇති බව ඉතිහාසයේ සඳහන්ය.
එම රජමාලිගය තුළ ස්ථාපිත කොට ඇති කෞතුකාගාරය මහජනතාව සඳහා විවෘත කිරීම අද (11) සිදුකෙරුණ අතර එම අවස්ථාවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද සහභාගි වූහ.
2021 වසරේදී ඇමෙරිකානු ආධාර ඇතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ එහි සංරක්ෂණ කටයුතු සිදුකෙරුණි.