ශ්‍රී ලන්කන් ගුවන් සේවය සියලු ගුවන් ගමන් අත්හිටුවයි


( ටී.කේ.ජී.කපිල )

ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්වය නිසා , ලොව පුරා පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සැළකිල්ලට ගෙන මේ මස 8 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ , ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිදු කරන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එහෙත් මෙම කාළය තුළ ලෝක තත්වය යහපත් වුවහොත් මෙන්ම , වෙළෙඳපළ තත්වය සහ විවිධ බලධාරීන් විසින් පනවා ඇති ගුවන් ගමන් සීමාවන් සමාලෝචනය කර , මෙවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් , 21 දිනට පෙර , කෙටි දැනුම්දීමකින් අනතුරුව , සිය ගුවන් ගමන් මෙහෙයුම් නැවත  ආරම්භ කිරීමට ද  ශ්‍රී ලන්කන් ගුවන් සේවය සූදානමින් සිටිති .

එසේම විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට ,රජය විසින් යෝජනා කරනු ලැබුවහොත් ඒ සදහා ක්‍රියාත්මක වීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය කැමැත්තෙන් සිටින බව ද ප්‍රකාශ කර සිටිති .

එමෙන්ම ලෝක ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා ජාලය මේ පසුබිම යටතේත් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර , අවශ්‍ය විටෙක ඒ සදහා විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සූදානමින් සිටිති .

ලෝක ගුවන් සේවාවන්ට පාලනය කිරීමට නොහැකි මේ තත්වය පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය කනගාටුවට පළ කර සිටී.

ප්‍රවේශ පත්‍ර නැවත වෙන් කරවා ගැනීමට , නිකුත් කරවා ගැනීමට සහ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පැහැදිලි කර ගැනීම සදහා www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94117771979 දුරකථන අංකය ඇමතීමෙන් හෝ ඔබගේ සංචාරක නියෝජිතයා අමතන ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් දන්වා සිටිති .