
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ යටතේ දළ වශයෙන් සේවකයින් 560 දෙනෙක් පමණ විශ්‍රාම ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1.46ක් වැය වෙතැයි ද ඇස්තමේන්තු කර තිබේ.
මෙම විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ගුවන්සේවා හා අපනන කලාප සංවර්ධන රාජශ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර ඇත.
සමාගමේ ඉදිරි වසර 3 සඳහා වන මෙහෙයුම්වලට හානියක් නොවන පරිදි යෝජිත ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට එම කමිටුව නිර්දේශ කර ඇතැයි අමාත්‍යවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

