ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය දැනගන්න නවතම වෙබ් අඩවියක්


(නිමන්ති රණසිංහ)

 ශ්‍රී ලංකාවේ කොවිඞ් 19 වයිරසය පිළිබ`ද තොරතුරු ඇතුළත් www.covid19.gov.lk වෙබ් අඩවිය ප‍්‍රකාශයට පත් කිරීම කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සිදු කෙරිණී.
 
ශ්‍රී ලංකා තොරත-ුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (I C T A) මගින් කි‍්‍රයාත්මෙක කෙරන මෙම වෙබ් අඩවිය, කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ඉකුත් 27 වැනිදා එම මධ්‍යස්ථානයේදී එලෙස විවෘත කෙරිණී.
 
මෙම වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය, කොඩින් 19 පැතිරයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මගින් ලැබෙන තොරතුරු අන්තර්ගත කරනු ලැබේ. කොවිඞ් 19 වයිරසය සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමේ අරමුණීන් මෙම වෙබ් අඩවිය එළි දක්වන ලදැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය.