(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව පසුගිය වසර 10 යේදී සියයට 25 කට ආසන්න ප්‍රතිශතයකින් පහළ ගොස් ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කළ උපත් ලේඛණයෙන් පැහැදිළි වේ.
එම ලේඛණයට අනුව 2013 වසරේ ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව 365,762 ක් වන අතර 2022 වසරේ උපත් සංඛ්‍යාව 275,321 කි.
2014 වසරේ 349,744 ක්, 2015 වසරේ 336,097 ක්, 2016 වසරේ 329,630 ක්, 2027 වසරේ 326,052 ක්, 2018 වසරේ 328,112 ක් සහ 2019 වසරේ 319,010 ක් මෙරට උපත් වාර්තා වී ඇති බවත් 2020 වසරේ උපත් 284,848 ක් සහ 2021 වසරේ උපත් 284,848 ක් වාර්තා වී ඇති බවත් ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

