
(යොහාන් භාසුර)
ටිරනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝහිදී පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන අයෝමාල් අකලංක සහ නිලුපුල් පැහැසර රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට සමත් වූහ.
ඒ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් සහ උස පැනීමේ ඉසව්වෙනි.
අඹගමුව මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන 17 හැවිරිදි අයෝමාල් අකලංක මීටර 400 කඩුලු පැන දිවීමේ පිරිමි ඉසව්ව තත්පර 51.61 කින් අවසන් කරමින් රිදී පදක්කම ද, නිලුපුල් පැහැසර උස පැනීමේ ඉසව්වේදී මීටර 2.00 ක පනිමින් ලෝකඩ පදක්කම ද, හිමිකරගත්හ.

