( විනීතා එම් ගමගේ )
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන සීග්‍රයෙන් වැඩිවෙතැයි ජනතාව භීතියට පත්ව ඇතත් මෙරට එම රෝගයේ සමාජ පැතිරීමක් නැති අතර හමුවන සියලු රෝගීන්ට වයිරසය ආසාදනය වූ අන්දම සහිත දම්වැල හඳුනාගෙන ඇතැයි ද දැනට පවතින්නේ සක්‍රිය පොකුරු තුනක් පමණක් බවද පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කලේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද ( 28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
දැනට පවතින්නේ බණ්ඩාරනායක මාවත, සුදුවැල්ල සහ නාවික හමුදා යන පොකුරු තුන පමණක් වන අතර අනෙක් පොකුරු සියල්ල මේ වනවිට නිවී ගොස් ඇති බවත් ගම්මමන්පිල මහතා කීවේය.
මෙකී පොකුරු තුනම කුඩා ප්‍රදේශයක විශාල පිරිසක් ජීවත්වන ඒවා වන බැවින් පැතිරීම වේගයෙන් සිදුවන්නේ නමුත් ඇසුරු කරන ලද අය වළලු තුනක් දක්වා නිරෝධායනයට ලක්කර ඇති බවත් සමාජ පැතිරීමකට ඇති ඉඩකඩ ඉතා අඩු බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ අතර තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කොවිඩ් 19 වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට කිසිදු හදිසියක් නැතැයි පැවැසීය. මැතිවරණය පැවැත්වූවත් නැතත් ජනාධිපතිවරයා අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද බලය තමන්ට බැවින් මැතිවරණයක පැවැත්වු විට නියත වශයෙන් ජය ගන්නේ තම කණ්ඩායම බවත් ඔහු සඳහන් කළේය.
ජයග්රහණයෙන් පසු ඕනැම ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන නමුත් වත්මන් ජනාධිපතිවරයාට ඒ සදහා මාර්තු දෙවැනිදා වනතුරු බලාසිටින්නනට වූයේ එජාප ආණ්ඩුන විසින් 19වන සංශෝධනයෙන් ඇති කළ බාධා නිසා බවත් කී ගම්මන්පිල මහතා ඒ අනුව කොරෝනා මැදට මැතිවරණය ගෙන ඒමේ වගකීම භාරගත යුත්තේ එජාපය බවත් කීවේය.

