
(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට තරග ආරම්භ කරමින් පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති තරගයේදී (දිවා/රාත්‍රී) ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 165 ක ඉලක්කය ඕවර 39 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
සදීර සමරවික්‍රම සහ චරිත් අසලංක සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 78 ක සම්බන්ධතාවයෙන් ජයග්‍රහණය පහසුවිය.
චරිත් අසලංක පන්දු 92 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 62 ක් රැස්කිරීමට සමත් විය.
සදීර සමරවික්‍රම පන්දු 77 කින් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය. වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගැනිමින් බංග්ලාදේශ පිල අඩපණ කළේය.
බංග්ලාදේශය ශක්තිමත් ස්ථානයක සිටියදී මතීෂ, ප්‍රබලතම පිතිකරු මුෂ්ෆිකුර් රහීම් (13) පස්වැනි කඩුල්ල ලෙස දවාගනිමින් ශ්‍රී ලංකාව තරගයට රැගෙන ඒමට සමත් විය. බංග්ලාදේශය මුෂ්ෆිකුර් රහීම් දැවී යෑමට පෙර ඕවර 32.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 127 රැස්කර සිටියේය.
නජ්මුල් හුසේන් සන්ටෝ අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 127 කින් හතරේ පහර 7 කි සමගින් ලකුණු 89 ක් රැස්කළේය.
බංග්ලාදේශ පිල ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 164 (මොහොමඩ් නයීම් 16, නජ්මුල් හුසේන් සන්ටෝ 89, තවුහිට් හිඩෝයි 20, මහීෂ් තීක්‍ෂණ 19/2, මතීෂ පතිරණ 32/4) ශ්‍රී ලංකා පිල ඕවර 39 කදී කඩුලු 5 ට 165 (සදීර සමරවික්‍රම 54, චරිත් අසලංක නොදැවී 62, දසුන් ශානක නොදැවී 14, ශකීබ් අල් හසන් 29/2)

