(යොහාන් භාසුර)
එක්සත් අරාබි එමිර් රාජයේ සේවය කරන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වැඩි කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිවරයා හරහා සාකච්ඡා ආරම්භ කරන බව කම්කරු අමාත්‍යංශය පවසයි.
දිනකට පැය අටක්වත් නිදාගැනීමේ අවස්ථාව, සතියකට දිනයකවත් විවේකයක්, ගුවන් ගමන් බලපත්‍රය ඇපයට නොගැනීම, ශ්‍රමිකයාට ජංගම දුරථනයක් තබාගැනීමේ අවස්ථාව, ශ්‍රමිකයාගේ නමින් පවතින ගිණුමකට වැටුප බැර කිරීම සහ ශ්‍රමිකයාට සිය ආහාර පිළියෙළ කරගැනීමේ අවස්ථාව වැනි පහසුකම් මෙහිදී ඉල්ලාසිටීමට නියමිතය.
එක්සත් අරාබි එමිර් රාජයට අයත් ඩුබායි, අබුඩාබි සහ සාජාහි, ශ්‍රී ලාංකිකයෝ දහස් සංඛ්‍යාවක් ගෘහ සේවය ඇතුළු සේවයේ නිරතව සිටිති.

