(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සේවය කරන ස්ථිර සේවයන් දුරකථනය හරහා බයගැන්වීම නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ රග්බි ස්ථායීකරණ කමිටුවට ශ්‍රී ලංකා රග්බි විධායක අධ්‍යක්‍ෂ හසන් සිංහවංශ මහතා දැනුම් දී තිබේ.
රග්බි ස්ථායීකරණ කමිටුවේ සාමාජිකයෙක් ශ්‍රී ලංකා රග්බි ස්ථිර සේවයන් කීපදෙනෙක්ට බලපෑම් කර ඇති බවත් එම කමිටුවට එවැනි බලයක් නොමැති බවත් හසන් සිංහවංශ මහතා ස්ථායීකරණ කමිටුවේ සභාපති චූල ධර්මදාස මහතාට යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.
රිස්ලි ඉල්යාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නීත්‍යානුකූල ලෙස පත්වූ රග්බි නිලධාරී මණ්ඩලය පමණක් ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා බව ද හසන් සිංහවංශ මහතා එම ලිපියෙන් වැඩි දුරටත් දන්වා ඇත.

