ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයත් පොහොට්ටුවෙන් එයි


(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා නිල වශයෙන් මැතිවරණ කොමිසන් සභාවට අද (03) දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මහ මැතිවරණය ප්‍රකාශ කර දින 7ක් ඇතුළත දී මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දිය යුතු වේ.

ඒ අනුව මෙම දැනුම්දීම කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.