
(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවෙන් පසුව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන බවට තීරණය කිරීම රට පාවා දීම වෙනුවෙන් බටහිර රටවල් සමග එක්ව ඇති කරගත් කරගත් ගිවිසුමක ප්‍රතිඵලයක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කොළඹදී පැවසීය.
සර්ව පාක්ෂික සමුළුව අවසන් ප්‍රතිඵලය ජාතික ආණ්ඩුවක් විය හැකි බවත් ආණ්ඩුවට ඡන්දය ලබාදුන් හැට නම ලක්ෂය එවැන්නක් බලාපොරොත්තු නොවූ බවත් අමරසේකර මහතා ප්‍රකාශ කළේය.
කොළඹ ඇන් ඇම් පෙරේරා ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
”මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එකතුවෙලා පැවැති සාකච්ඡාවේ දී සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න යෝජනා වී තිබෙනවා. එම සර්ව පාක්ෂික සර්වපාක්ෂික සමුළුව ලබන 23 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේක තනිකරම රටට අහිතකර යෝජනාවක්. මේ වෙලාවේ සර්ව සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ.
හැට නම ලක්ෂයකින් බලයට පත්වෙච්ච ජනාධිපතිවරයෙකු තුනෙන් දෙක බලයකින් පත්වූ පාර්ලිමේන්තුවකිනුත් සමන්විත ස්ථාවර ආණ්ඩුවක් තිබෙනවා. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් ඉවත් කළාට ඒ අයත් තවම ආණ්ඩුවේ රැඳී සිටිනවා. ආන්ඩුවේ හොඳ වැඩ වලට ඒ අයගේ සහයෝගය ලබා දෙනවා.
හැට නම ලක්ෂයක් ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ සර්ව සර්වපාක්ෂික සමුළුව කැඳවන්න නෙමෙයි. එම නිසා මේ සර්ව සර්වපාක්ෂික සමුළු යෝජනාව අපි හෙළා දකිනවා.
සර්වපාක්ෂික සමුළුව මුවාවෙන් ජාතික ආණ්ඩුවක පසුබිම තමයි මේ සකස් වෙන්නේ. මේ රට බෙදා වෙන් කිරීමට බලා සිටින ඇමරිකාව ඇතුළු බටහිර රටවල අවශ්‍යතාවය මත තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. සියලුම ජාතිද්‍රෝහී එකතුවෙලා රට පාවලා දෙන්න අටවපු උගුලක් විදියට අපි මේක දකිනවා.

