
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා යෑමට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇති බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ද වඩාත් ආරක්ෂිත බවත් ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පැවැත්වූ ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගණනයෙන් තහවුරු විය.
මෙම ජාත්‍යන්තර විගණනයේ ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා පැවති විශේෂ හමුව වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී. එස්. විතානගේ, උප සභාපති දමිත නාරංගොඩ, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත යන මහත්වරුන් ඇතුළු ගුවන් කර්මාන්තයේ නියුතු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද ජාත්‍යන්තර විගණක පරික්ෂකවරුන් සමගින් මෙම අවස්ථාවට එක්වූහ.

