ශ්‍රී ලංකා ක්‍රිකට් සියලුම දේශීය තරගාවලි අත්හිටුවයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව දැන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු කොටසේ ප්‍රධාන තුන්දින ක්‍රිකට් තරගාවලිය සහ අන්තර් සමාජ පළමු කොටසේ ‘බී’ තුන්දින තරගාවලි ද ඇතුළුව සියලුම තරගාවලි අත්හිටුවූ බවත් ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනා උපදේශක කමිටුවේ නිර්දේශයක් අනුමත කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අගෝස්තු 25 වනදා ලිඛිත උපදෙස් දී තිබූ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.