ශෂීන්ද්‍ර අධිකරණයට


(රෝෂන් තුෂාර)

අරගල සමයේදී අලාභයක් කළ  මහවැලි අධිකාරියට අයත් රජයේ දේපළකට වන්දි මුදල් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි පොදු දේපළ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ  අල්ලස් කොමිසම මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.

මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත් කර තිබියදී ,එම දේපළ රජයේ දේපලක් බව දැන දැනම වන්දි මුදල් ලබා ගැනීමට එරෙහිව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් කිරීම ඇතුළු චෝදනාව යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

එමෙන්ම එම වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපොළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව කොළඹ ප්‍රධාන මහ‍ෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරපිත් කිරීමට නියමිතය