
(රෝෂන් තුෂාර)
මහවැලි අධිකාරියට අයත් රජයේ දේපළකට අරගල සමයේදී කළ අලාභයකට වන්දි මුදල් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙම 19 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් කිරීම ඇතුළු චෝදනාව යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




