ශල්‍ය වෛද්‍යවරියන් කරන සැත්කම්වල සංකූලතා අඩුයිලු?


(විමුක්ති එස් රුද්‍රිගු)

ශල්‍ය වෛද්‍යවරුන් සිදු කරන ශල්‍යකර්මවලට වඩා ශල්‍ය වෛද්‍යවරියන් සිදු කරන ශල්‍යකර්මවලදී රෝගීන්ට දීර්ඝ කාලීන සංකූලතා වලට මුහුණ දීමේ අවස්ථා අවම බව අධ්‍යනයකින් හෙළි වී තිබේ.

ශල්‍ය වෛද්‍යවරියක් ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් පසුව දින 90 ක හෝ අවුරුද්දක කාල සීමාව ඇතුලත එම ශල්‍යකර්මයට භාජනය වූ රෝගියා නැවත රෝහල්ගත කිරීමට සිදුවන අවස්ථා, සංකූලතා ඇති වන අවස්ථා සහ මරණයට මුහුණ දීමට සිදුවන අවස්ථා පිරිමි ශල්‍ය වෛද්‍යවරුන් ඊට සමාන රෝගීන්ට  සිදුකළ ශල්‍යකර්මවලට සාපේක්ෂව අවම බව එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

එක් අධ්‍යනයක් සඳහා 2007 වසරේ සිට 2019 වසර දක්වා හදිසි සහ සාමාන්‍ය ශල්‍යකර්මවලට මුහුණ දුන් රෝගීන් මිලියනයකගේ වාර්තා අධ්‍යනය කර තිබේ එහිදී ශල්‍ය වෛද්‍යවරුන් රෝගීන් 1,014,657 කට ශල්‍යකර්ම සිදුකර ඇති අතර ශල්‍ය වෛද්‍යවරියන් රෝගීන් 151,054 කට ශල්‍යකර්ම සිදුකර ඇත.

ශල්‍ය වෛද්‍යවරුන් සිදුකළ ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන්ගෙන් සියයට 14 කට සංකූලතා ඇති වීම හේතුවෙන් ශල්‍ය කර්මය සිදු කර දින 90 කට පසුවත් ප්‍රතිකාර අවශ්‍ය වී තිබෙන බවත් ශල්‍ය වෛද්‍යවරියන් සිදුකළ ශල්‍යකර්මවලදී එම ප්‍රතිශතය සියයට 12.5 දක්වා අඩු වී තිබෙන බවත් එම අධ්‍යනයෙන් හෙළි වී තිබේ.

පිරිමි ශල්‍ය වෛද්‍යවරුන් සිදුකළ ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන්ගෙන් සියයට 25 ශල්‍යකර්මය සිදු කර අවුරුද්දක කාලයෙන් පසුවත් ඇති වූ සංකූලත හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති බවත් කාන්තා ශල්‍ය වෛද්‍යවරියන්  සිදුකළ ශල්‍යකර්මවලදී එම ප්‍රතිශතය සියයට 20 දක්වා අඩු වී තිබෙන බවත් එම අධ්‍යනයේ සඳහන් වී ඇත.

මෙම අධ්‍යනය සඳහා ශල්‍ය වෛද්‍යවරියන් 700 ක් සහ ශල්‍ය වෛද්‍යවරුන් 2306 යොදා ගෙන තිබේ.