
(තරංග ගුණරත්න)
මිරිස්ස මුහුදේ තීරයේ දියනාමින් සිටි වෛද්‍යවරයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය පවසයි.
වැලිගම පොලිස් වසමේ මිරිස්ස ප්‍රදේශයේ මුහුදේ දියනාමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත.
වෛද්‍යවරයා දියේ ගිලුණු අවස්ථාවේ අවට සිටි පිරිස් විසින් බේරාගෙන හදිසි ගිලන්රථ සේවාව මගින් ප්‍රථිකර සදහා මාතර මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙි
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම වලාන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ වයස 49 වන තේජාන් ජයසේකර නැමති වෛද්‍යවරයකු බව පොලිසිය පවසයි.
මියගිය වෛද්‍ය වරයා දැනට මාසයකට පමණ පෙර වලාන රෝහලේ රාජකාරී කටයුතු සඳහා පැමිණ තිබූ බවද සඳහන්වේ.

